ලිබියාවේ බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මුහම්මද් ගඩාෆිගේ දෙවැනි පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි පොදු සමාවක් යටතේ නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
සිය පියාගේ අභාවයෙන් පසුව ලිබියානු සටන්කාමීන් පිරිසක් යටතේ වසර හයක කාලයක් සින්ටාන් නගරයේ ඔහු සිරකර තැබුණි.
පසුගිය සිකුරාදා දිනයේදී මෙම නිදහස් කිරීම සිදුකර තිබුණත්, ඔහු තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ලිබියානු වාර්තාවන්ට අනුව සයිෆ් ගඩාෆි මේ වනවිට බයිඩා නගරයේ සිය ඥාතීන් සමග රැඳී සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ගඩාෆිගේ දෙවැනි පුතා අත්අඩංගුවේ තබාගත් සටන්කාමීන් පවසන්නේ ඔවුන් ලිබියාවේ වත්මන් අන්තර්වාර පාලන රජයේ නියෝග අනුව ඔවුන් කටයුතු කරන බවයි. සයිෆ් නිදහස් කිරීමද රජයේ යෝජනාවකි.
කෙසේ වෙතත්, සයිෆ් නු ට්‍රිපෝලි අධිකරණයකින් මරණ දඬුවම නියම වූවෙකි. මේ තත්ත්වය තුළ ඔහුගේ නිදහස් කිරීම ගැටලු තවත් උග්‍ර කිරීමක් විය හැකි බවටද මත පළ වේ.