දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තය තුළ කෝලා පානයන් තහනම් කරමින්, ස්වභාවික පානයන් ප්රචලිත කිරීමට සූදානම් වෙයි.
ප්රාන්තයේ ප්රධාන වෙළෙඳ සංගම් දෙකක් විසින් මෙම තහනම පනවා ඇති අතර, එය බදාදා දිනයේ සිට ක්රියාත්මක වන බව පවසයි.
මෙම සංගම් පවසන්නේ මෙම බීම නිෂ්පාදන සමාගම් විසින් ගංගාවලින් සීමාවකින් තොරව ජලය ලබාගනිමින්, ගොවීන්ට අපහසුතාවට පත්කරන බවයි. මේ තත්ත්වය තුළ වගා බිම් රැසක් දරුණු නියඟයන්ට ගොදුරුව ඇති බවත් ඔවුන් කියයි.
ඒ අනුව, මිලියනයකට අධික තමිල්නාඩු වෙළෙන්ඳන් මෙම තහනම ක්රියාත්මක කරන බව පැවසෙයි.
ඔවුන් සඳහන් කරන්නේ කෝලා බීම වෙනුවට කුරුම්බා වතුර වැනි දේශීය පානයන් වෙත වැඩි නැඹුරුවක් දැකිවිය යුතු බවයි.