කොසේවෝ රාජ්‍යයේ විශාලතම සුළුතර ජනවර්ගය ලෙස සැලකෙන කොසෝවෝ සර්බියානු දේශපාලඥයෙකු වූ ඔලිවර් ඉවනොවික් වෙඩි තබා ඝාතනය කර තිබේ.
කොසෝවෝ සර්බියානු ජනතාව බහුතරයක් සිටින උතුරුදිග මිට්රොවිකා හි සිය කාර්යාලය ඉදිරිපිටදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
මැදහත් අදහස් ඇති දේශපාලඥයෙකු ලෙස පිළිගැනුණු ඉවනොවික්ගේ පපු ප්‍රදේශයට වෙඩි පහර හතරක් එල්ල වී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
කොසෝවෝ රාජ්‍යය ඒකපාර්ශ්වීයව සර්බියාවෙන් වෙන්වීමත් සමග කොසෝවෝ හි වෙසෙන ජනතාව ජනවාර්ගික ලෙස බෙදීමකට ලක්විය.
මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග කොසෝවෝ හි අල්බේනියානුවන් සමග බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡාවලින් ඉවත්වීමට සර්බියානු රජය කටයුතු කර තිබේ.