ඉතාලිය ආසන්නයේදී සාගරයේ ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නෞකාව දැවැන්ත මෙහෙයුමකින් පසුව සාගර පතුලේ වූ අට්ටාලයක් මතට ඔසවා තැබීමෙන් පසු, නැවත එය අට්ටාලයෙන් ඉහළට ඔසවා තැබීමට අද (14දා) හැකිවූ බව වාර්තා වෙයි.
ඒ අනුව, කොස්ටා කොන්කෝඩියා නෞකාව නැවතත් සිය වරාය වන ජෙනෝවා වෙත යාත්රා කරවීමේ කටයුතු ආරම්භ වීමට නියමිතය. ඉදිරි දින කිහිපය ඇතුළතදී මෙම කොස්ටා කොන්කෝඩියා නෞකාව ජිනෝවා වරාය වෙත ළඟා වනු ඇත.
2012 ජනවාරි මාසයේදී ඉතාලියේ ගිග්ලියෝ දූපත් ආසන්නයේදී කාන්තාවකගේ මායමකට හසුවූ කපිතාන්වරයාගේ වැරැද්දෙන් මෙම යාත්රාව සාගරයේ ගිලී ගියේය. අනතුරට පත්වීමෙන් වසරකට පසුව එනම් 2013 සැප්තැම්බර් මාසයේදී නෞකාව යළිත් සිරස් අතට පිහිටුවීම සිදුකළේ සාගර පතුලේ විශේෂයෙන් සවිකළ අට්ටාලයක් ආධාරයෙනි.