නව අවුරුදු උදාව සිදුවූ පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත්රියේදී ජර්මනියේ, කොලෝන්ග් නුවරදී කාන්තාවන්ට ලිංගික අඩම්තේට්ටම් කරමින් හැසිරුණු පුද්ගලයන් වැඩිදෙනා අරාබි හා උතුරු අප්රිකානු කලාපයෙන් එරටට පැමිණි සංක්රමණිකයන් බව තහවුරු වී තිබේ.
එදින රාත්රියේදී අසංවර ලෙස හැසිරී ඇති මෙම පිරිස ගිනිකෙළි දල්වමින් ඇතමුන්ගේ ඇඟට වීසිකර ඇති අතර, බොහෝ පිරිසකට බරපතල ලිංගික අතවර පවා සිදුකර තිබේ.
ඒ අනුව, මේ වනවිට අපරාධ පැමිණිලි 500ක් පමණ විභාග වෙමින් පවතින බවත්, මින් 40% ක් ලිංගික අඩම්තේට්ටම් සම්බන්ධ පැමිණිලි බවත් එරට පොලීසිය පවසයි.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පාප් වහන්සේද සිය හඬ අවදි කර ඇති අතර, උන් වහන්සේ පවසා ඇත්තේ මහා ජන ආගමනයද ප්රශ්නයක් ඇතිකර ඇති බවයි. කෙසේ වෙතත්, යුරෝපය තම ජනතාව ආරක්ෂා කරගන්නා අතර, සංක්රමණිකයන්ටද උදව් කළ යුතු බවත් පාප් වහන්සේ වැඩිදුරටත් පවසා ඇත.