කොලොම්බියාවේ කඳුකර මාර්ගයක් යා කරමින් ඉදිකෙරෙමින් පැවති දැවැන්ත පාලමක කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පාලමේ වැඩකටයුතු මෙම ජූනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ බව කියැවෙයි.
බොගෝටා අගනුවර සහ විලාවිසෙන්සියෝ නගරය යා කරමින් ඉදිකරමින් පැවති මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබුණේ චිරාජාරා ප්රදේශයේය.
මීටර් 450ක් දිග මෙම පාලමෙන් කොටසක් කඩා වැටී ඇති ආකාරය එරට මාධ්‍ය ඡායාරූප සහිතව වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කොලොම්බියා ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබුණේ මෙය අතිශය ඛේදජනක අවස්ථාවක් බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.