තම පියා, නැඟණිය හා සුරතල් සුනඛයන් දෙදෙනාගේ මළ සිරුරු නිවස තුළ තබාගෙන වාසය කළ මනසික රෝගයකින් පෙලුණු පුද්ගලයෙකු ඉන්දියාවේ කොල්කටා නගරය කළඹා තිබේ.
මොහු ජීවත් වූ නිවස මේ වනවිට 'හිච්හොක් නිවස' හා 'හොල්මන් නිවස' ලෙස ප්රකටව ඇති අතර, මිනිසුන් එම නිවස අසල සිට සෙල්ෆී ඡායාරූප ගැනීම සඳහා වැළ නොකැඩී පැමිණෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම කොල්කටාවේ , රොබින්සන් මාවතේ පිටිහි මෙම නිවස පිළිබඳ තොරතුරු ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඒ පිළිබඳ සමාජජාල අඩවි තුළ බහුලව කතා වීමෙන් මෙසේ ජනතාව එය නැරඹීමට පැමිණෙන බවද කියැවෙයි.