ඇමෙරිකාව විසින් උතුරු කොරියාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එරට සරණාගතයන් තම රටට පැමිණෙනු ඇතැයි සලකා රුසියාව හා චීනය සිය දේශසීමා ආරක්ෂාව තර කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම රුසියාව සිය උතුරු කොරියානු දේශසීමාව වෙත යුද හමුදා භටයන් හා යුද උපකරණ ස්ථානගත කරමින් සිටින බවට වීඩියෝ දර්ශන පවා විදෙස් වාර්තාවල සටහන් වුවත්, එම වාර්තා රුසියාව මෙතෙක් තහවුර කර නොතිබුණි.
මේ අතර, චීනය මේ වනවිටත් සිය හමුදා භටයන් එක් ලක්ෂ පණස් දහසක් පමණ සිය දේශසීමා වෙත යවා ඇති බවටද විදෙස් වාර්තා පවසයි. නමුත්, චීනය විසින්ද මෙම වාර්තා නිල වශයෙන් තහවුරු කර නොතිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, රුසියාවේ ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ තම රටේ දේශසීමා තර කිරීම හෝ නොකිරීම කිසිවෙකුට ප්‍රශ්නයක් නොවිය යුතු බවයි.
මේ අතර, කොරියානු කලාපයේ යුද උණුසුම වැඩි කළ ඇමෙරිකාව මේ වනවිට දකුණු කොරියානු හුමදා සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයකද නිරතව සිටියි. වාර්ෂිකව සිදුකරන මෙම යුද අභ්‍යාසය දින 11ක් පුරා පැවැත්වෙන බව කියයි.
ඇමෙරිකානු නාවික බලගණයට අයත් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව ප්රමුඛ නාවික යාත්‍රා කණ්ඩයක් කොරියානු අර්ධද්වීපයට ළඟාවීමත් සමග උතුරු කොරියාවද සිය ප්‍රහාරක ශක්තිය පෙන්වන සංදර්ශනයක් පසුගිය දා පැවැත්වීය.