කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණයක් සමග එම කලාපය න්‍යෂ්ටික අවියෙන් නිදහස් කිරීමට උතුරු කොරියානු හා දකුණු කොරියානු නායක දෙපළ එකඟත්වයකට පැමිණ තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් දකුණු කොරියාව වෙත ප්‍රථම වරට පැමිණෙමින් එරට නායක මූන් ජේ-ඉන් හමුවී පැවැත්වූ ඓතිහාසික සමුළුවේදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
වර්ෂ 1953 දී අවසන් වූ කොරියානු යුද්ධයෙන් පසු ඇති කරගත් සටන් විරාමය අවසන් කරමින් සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහාද නායක දෙපළ එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කොරියානු අර්ධද්වීපයේ පෙර නොවූවිරූ යුද සූදානමක් ඇතිවීමේ ලකුණු පෙන්වීමෙන් මාසයක් ගතවන තැන මේ ආකාරයේ සාම මාවතක් පෙන්වීම ලෝක සාමය කෙරෙහිද සුවිශේෂී සලකුණක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම ඓතිහාසක හමුවෙන් පසුව අදහස් දැක්වූ උතුරු කොරියානු නායකයා කියා සිටියේ කොරියානු අර්ධද්වීපය තුළ සාමය පිළිබඳ වූ කතිකාව වඩාත් සාර්ථක වූ බවයි.
"උතුරු හා දකුණු කොරියානුවන් අතර මෙතෙක් කලක් සීතලෙන් මිදී පැවති සබඳතා අවසන් කිරීමට ලැබීම සිහිනයක් වගෙයි. ඒ අනුව, වඩාත් උණුසුම් වසන්ත කාලයක ඇරඹුම අප ලෝකය හමුමේ මෙසේ ප්‍රකාශ කර සිටිනවා" යැයි කිම් ජොන්ග් උන් පැවසීය.