දකුණු කොරියාවේදී අනතුරට පත් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයන් 268 දෙනා පිළිබඳව මේ වනවිටත් තොරතුරක් වාර්තා නොවන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
මේ අතර, පැමිණිල්ල මෙහෙයවන්නන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ යාත්‍රාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසය. එනමුදු, මෙම යාත්‍රාව පසුගිය බදාදා මුහුදුබත් වනවිට එය යාත්‍රා කරමින් සිටියේ කණිෂ්ඨ නිලධාරියෙකු බව මුලින් කියවුණි.
පුද්ගලයන් 268 දෙනෙකු සොයා සාගරයේ සිදුකෙරෙන මෙහෙයුම් මේ වනවිට වාසනාව අවසනාව මත තීරණය වී තිබෙන්නේ දැඩි සුළං හා දියවැල් හේතුවෙනි. මේ නිසා ජීවත්ව සිටින්නන් පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව විශේෂඥයන්ගේ මතයයි.
මෙම අවාසනාවන්ත අනතුරින්, මේ වනවිට මළ සිරුරු 28ක් හමුවී ඇති අතර, මුලින්ම පුද්ගලයන් 179 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබුණි.
මුදවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ කිමිඳුම්කරුවන් දෙදෙනෙකු උපුටා දක්වමින් බලධාරීන් පෙන්වාදී තිබුනේ යාත්‍රාවේ අභ්‍යන්තරයට ඇතුළු වීමට ඔවුන්ට හැකිවී තිබුණත්, ඒ තුළ භාණ්ඩ ගොඩගැසී ඇති නිසා අතුරුදන් වූවන් පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් නොලැබුණු බවයි.
සීවෝල් නමැති මෙම යාත්‍රාව මුහුදුබත් වීමට ගතවී තිබුනේ පැය දෙක තුනක් වීමත්, මෙහි ගමන්ගත් මගීන්ගෙන් 350 දෙනෙකු ඩෙන්වොන් උසස් පාසලේ දරුවන් වීමත් නිසා තරුණ ජීවිත රැසක් ඉතා සුළු කාලයකින් අවසනාවන්ත ලෙස සාගර පතුලේ සැඟව ගොස් තිබිණි.
කෙසේ වෙතත්, මෙතරම් වේගයෙන් යාත්‍රාව මුහුදුබත් වන බවක් පෙනී පෙනී එහි රැඳී සිටි මගීන් බේරාගැනීමට කපිතාන්වරයා අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ සිදුකෙරෙන බව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.
.jpg)