උතුරු කොරියානු මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීමක් පිළිබඳව පවතින දැඩි උණුසුම් වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකානු යුද සබ්මැරීනයක් දකුණු කොරියානු කලාපයට පැමිණ තිබේ.
යූ.එස්.එස්. මිචිගන් නමැති මෙම සබ්මැරීනය දැනටමත් කොරියානු මුහුදේ ඇති කාල් වින්සන් නෞකාව ප්රමුඛ ඇමෙරිකානු යුද නෞකා බල ඇණිය සමග එක්වීමට නියමිතය.
උතුරු කොරියාව අද (25දා) දිනයේදී සිය හමුදාවේ ආරම්භය සනිටුහන් කරමින් 85 වැනි සංවත්සරය සමරනු ලැබීය. කෙසේ වෙතත්, පසුගිය වසරේදී ඔවුන් මෙය සමරනු ලැබුවේ මිසයිල අත්හදා බැලීමක්ද සමගිනි.
උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර උණුසුම් වාග් ප්‍රහාර සිදුවූ පසුගිය සති කිහිපය තුළ කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම උණුසුම් වී තිබේ.
ඇමෙරිකානු කාල් වින්සන් නෞකාව මුහුදු බත් කිරීමට තමන් සූදානම් බව උතුරු කොරියාව අනතුරු ඇඟවීමෙන් මෙය තවත් ඇවිලී ගිය අතර, මේ උණුසුම පාලනය කිරීම සඳහා චීන ජනපති ෂිං ජින්පින් විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයකද නිරතව ඇති බව විදෙස් වාර්තා පවසයි.