පිලිපීනයට බලපෑ ප්රබල චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
කොප්පු නමින් හැඳින්වෙන මෙම චණ්ඩ මාරුතය අද උදය කාලයේදී පැයට කිලෝමීටර් 200 ඉක්මවූ වේගයකින් පිලිපීනයේ ලුසෝන් දූපතේ කාසිගුරාන් නගරය ආසන්න කලාපයෙන් ගොඩබිම වෙත පැමිණ තිබුණි.
අධික සුළං හා වැසි තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් මෙන්ම, විදුලිය ඇණ හිටීම් සිදුව තිබේ.
එමෙන්ම, ගංවතුර හා නායයෑම් තත්ත්වයන්ද වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොප්පු චණ්ඩ මාරුතය තරමක් දුර්වල වුවත්, පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට බලධාරීහු බිය පළ කරති.