ගෝරිල්ලන් යනු මිනිස් ක්රියා හේතුවෙන්ම ලොවෙන් තුරන්ව යන සත්ව කොට්ඨාසයකි. මිනිසාට ළඟම ඥාතිකමක් ඇති මේ සතුන්ගේ ආදරය පිළිබඳ අපූරු කතාවක් පසුගියදා ඩේලිමේල් පුවත්පතේ පළ විය.
මේ වනවිටත් ලොව පුරා සුවිශේෂී ආදරයක් දිනාගෙන සිටින කොකෝ නැමති ගෝරිලි දේනුව මෙහි කතා නායිකාව විය.
අත්වලින් සිදුකරන සංඥා වඩාත් හොඳින් තේරුම් ගැනීමේ මෙන්ම, විවිධ සංඥා මගින් තම අදහස් ප්රකාශ කිරීමේ දක්ෂ කොකෝගේ අපූරු දසුන් පෙළ ආදරය හඳුනන මිනිස් හදවත් තෙත් කරවන්නක්ම විය.
තම කුසින් කිසිදා පැටවෙකු බිහිකිරීමේ වාසනාව නොලැබුවත්, මේ ගොරිලි දේනුව වෙනත් සත්ව කුලකයක පැටවුන්ට දක්වන ආදරය ප්රකට කළ මේ දසුන් මේ වනවිටත් සමාජජාල තුළ වඩාත් ප්රකටය.
සිය 44 වැනි උපන්දිනයදා කොකෝගේ ස්වාමි දියණිය විසින් ඇයට පූස් පැටවුන් කිහිප දෙනෙකු හඳුන්වා දෙල ලදී.
ගෝරිල්ලා පදනම විසින් සංවිධානය කළ මෙම විශේෂ අවස්ථාවේදී පූස් පැටවුන් එකිනෙකා අල්ලමින්, ඔවුන් සමග සෙල්ලම් කරමින්, ඔවුන් තම හිස මත තබන ලෙස කියමින් කොකෝ දැක්වූ ආදරය අතිශය හැඟීම්බර වූ බව ඔවුහු පවසති.