බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරීන් (කේට්) කුමරිය සිය තෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහල්ගත කර ඇති බව ලන්ඩනයෙන් වාර්තා වෙයි.
මධ්‍යම ලන්ඩනයේ, පැඩින්ග්ටන් හි සෙන්ට් මේරීස් රෝහල වෙත කේට් කුමරිය ඇතුළත් කර තිබුණේ අද (23දා) උදෑසන කාලයේදීය.
විලියම් කුමරුට හා කේට් කුමරියට දාව අලුත උපදින දරුවා බ්‍රිතාන්‍යයේ රාජකීය කිරුළේ පස් වැනි හිමිකරු බවට පත්වන අතර, ඔහු හෝ ඇය දෙවැනි එළිසබෙත් රැජිනගේ හය වැනි මී මුණුබුරා හෝ මිණිබිරිය බවට පත්වනු ඇත.
එහිදී, දරුවා මෙළොව එළිය දැකීම මාධ්‍ය වෙත ඊමේල් මගින් දැනුම්දීමක් කරනු ඇති අතර, එමෙන්ම, කෙන්සින්ග්ටන් මාලිගියේ ට්විටර් ගිණුමද එම දැනුම්දීම සිදුකරනු ඇත.