කෙන්යාවේ ප්රමුඛ පෙළේ පෞද්ගලික රූපවාහිනී ආයතන තුනක් වසා දැමීමට එරට රජය ගත් පියවර බල රහිත කරමින් කෙන්යානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
කෙන්යාවේ විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගාගේ නීත්‍යනුකූල නොවන දිවුරුම්දීම ප්‍රචාරය කිරීමට මෙම රූපවාහිනී ආයතන වෙලාව වෙන්කළ බව පවසමින් ඒවා වසා දැමීමට රජය කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, අධිකරණය විසින් රජයේ නියෝගයට අභියෝග කරමින් දින 14ක් දක්වා එම නියෝගය අවලංගු කිරීමට අධිකරණ නියෝගයක් ලබාදී තිබුණි.
පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් ඔඩින්ගා පරාජයට පත් වුවද ඔහුගේ මෙම නීත්‍යනුකූල නොවන දිවුරුම්දීම ජනතා ආකර්ෂණය ලබාගැනීමෙන් සිදුකරන දේශපාලන ප්‍රචාරයක් බව එරට මාධ්‍ය පවසයි. කෙසේ වෙතත්, රජය පවසන්නේ එය රාජද්‍රෝහී ක්‍රියාවක් බවය.
මේ තත්ත්වය තුළ රූපවාහිනී ආයතන වසා දැමීමට රජය ගත් පියවර එරට විරුද්ධ පක්ෂ විසින් හඳුන්වනු ලැබුවේ රජය තොරතුරු දැනගැනීමට ජනතාවට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙසිනි.