කෙන්යානු මගී ගුවන් යානයක සිදුවූ පිපිරීමට හේතුව ලැප්ටොප් පරිගණකයක සඟවා ගුවන් යානයට ගෙනා බෝම්බයක් බව සෝමාලි බුද්ධි අංශ අනාවරණය කරයි.
සෝමාලායාවට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර, යානයේ නියමුවා යානය නිරුපද්‍රිතව ගොඩබස්වා ගැනීමට සමත්ව තිබේ.
ගුවන්තොටු පොළ සී.සී.ටී.වී. දසුන්වලට අනුව ගුවන් තොටුපොළ සේවකයෙක් ලැප්ටොප් පරිගණයක් ගෙනැවිත්, තවත් සේවකයෙකුට ලබාදෙන ආකාරයත්, ඔහු එය යානයේ ගමන්ගත් මගියෙකුට ලබාදෙන ආකාරයත් දැක්වෙයි.
මෙම මගියාද බෝම්බ ප්‍රහාරයත් සමග යානයෙන් පිටතට වීසිවී ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුද බෝම්බ පිපිරීමට සම්බන්ධ අයෙකු බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, සිද්ධියට අදාල සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම නිසා මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබේ.