කෙන්යානු මගී ගුවන් යානයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
සෝමාලායාවට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර, යානයේ නියමුවා යානය නිරුපද්‍රිතව ගොඩබස්වා ගැනීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම පිපිරීමත් සමග ඇති වූ සිදුර තුළින් පිටතට වීසිවී ගිය පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ඩාලෝ ගුවන් සේවය පවසයි.
Flight D3159 නමැති මෙම යානයේ පිපිරීමට හේතුව තවම නිගමනය කර නොමැති අතර, මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ පැවැත්වෙයි.