පාපන්දු ලෝක කුසලානයේ තරග නිවසේ සිට නරඹන ලෙසට කෙන්යානු ජනතාවට බලකරමින් උපදෙස් ලබාදී ඇතැයි එරටින් වාර්තා වෙයි.
සියල්ලන්ම ඒකරාශී වී පාපන්දු තරග නැරඹීමට එම ජනතාව ප්‍රිය කළත්, අල්-ෂබාබ් ත්රස්තයන් විසින් එම ස්ථාන වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එලල් කිරීමේ අවදානම තීව්ර කරමින් මීට දින කිහිපයකට පෙර එවැනි ප්‍රහාරයකින් ජීවිත 60ක් අහිමි කිරීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ මෙම නිවේදනය සිදුකර තිබේ.
මේ අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මේ වනවිට රට පුරා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර, අවන්හල් හා භෝජනාගාර ආසන්නයේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇති බවයි.
පසුගිය සතියේ ඇතිවූ ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව මේ වනවිටත් අල්-ෂබාබ් සටන්කාමීන් පවසා ඇති අතර, කෙන්යානු හමුදා සෝමාලියාවේ සිට මුස්ලිම් ජනතාව ඝාතනය කිරීම හේතුවෙන් මෙසේ ප්‍රහාර එල්ල කරන බව පවසා තිබේ.
මේ ආකාරයෙන්ම උතුරුදිග නයිජීරියාවේද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒකරාශී වී පාපන්දු ලෝක කුසලානය නැරඹීම තහනම් කර ඇත්තේ බොකෝ හරාම් ත්රස්තවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර හේතුවෙනි.
ඔවුන්ද, පසුගිය සතියේ පාපන්දු තරගයක් නරඹමින් සිටි ගම්වැසියන් පිරිසක් වෙත එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූහ.