කෙන්යානු පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී තමන්ට පහරදුන් බව පවසමින් එරට විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් නයිරෝබි නුවර පාර්ලිමේන්තු සංකීර්ණ තුළින් වේගයෙන් පිටතට දුවගෙන පැමිණි බව එරට මාධ්‍ය පවසයි.
කෙන්යාවේ මීළඟ ජනාධිපතිවරණයේදී ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීම යළි සාමාන්‍ය පරිදි අතින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයක් අතරතුර හටගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ.
එහිදී, රජයේ පාර්ශ්වය ඉලෙක්ට්‍රොනික ක්රමවේදයම ඉල්ලා සිටින අතර, විරුද්ධ පාර්ශ්වය කියා සිටින්නේ ඒ තුළින් ඡන්ද දූෂණයන් සිදුවන නිසා සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්රමවේදයම යළි ලබාදිය යුතු බවය.
මෙම විවාදයට පෙර පසුගිය අඟහරුවාදා පැවති විවාදය අතරතුරද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුෂ්ටි ප්‍රහාර කිහිපයක් එල්ල කරගන්නා ආකාරය දැකිය හැකි වූ බවද කියැවෙයි.
කෙන්යාවේ දේශපාලන තත්ත්වය මෙවැනි ගුටිබැට හුවමාරුවලින් අඩුවක් නොවන බවත්, එය බොහෝවිට අතිශය පක්ෂග්රාහී ප්රතිපත්තීන් මතම දෝලනය වන්නක් බවත් කියැවෙයි.