කෙන්යාවේ නයිරෝබි නගරයේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා සිදුව තිබූ මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ නැග තිබුණි.
නැගෙනහිර නයිරෝබි නුවර හුරුමා ප්‍රදේශයේ කාමර 198කින් යුතුව පැවති මෙම ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා දිනයේදී කඩා වැටී තිබුණේ, එම ප්‍රදේශයට බලපෑ මහා වර්ෂාවත් සමගිනි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් පිළිබඳව මෙතෙක් නිල දත්ත ප්‍රකාශයට පත්ව නැති අතර, තවත් විශාල පිරිසක් ඒ අතර සිටිනු ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම ස්ථානයට පැමිණි කෙන්යා ජනපති උහුරු කෙන්යාටා එම ප්‍රදේශයේ අවදානමට ලක්ව ඇති සියලු ගොඩනැගිලි පිළිබඳ කඩිනම් වාර්තාවක් ඉල්ලා සිටියේය.
බලධාරීන් විසින් කඩා ඉවත් කරන ලෙසට නියෝග කර තිබූ මෙම ගොඩනැගිල්ලේ හිමිකරුවන් වහා අත්ඩංගුවට ගන්නා ලෙසද ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.