ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේදී කුලහීන නිවසක් ගිනිබත් කොට, දරුවන් දෙදෙනෙකු මරාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයක් අවහිර කරමින් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
උසස් කුලයන්ගේ පිරිස් විසින් මෙසේ කුලහීන නිවසක් ගිනිබත් කර ඇති බවත්, එම අවස්ථාවේ නිවසේ සිටි මාස 9ක බිළිඳෙකු හා තවත් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය තවත් 9 දෙනෙකු සොයමින් සිටින බව කියැවෙයි.
මෙම සිද්ධියෙන් එම දරුවන්ගේ දෙමවුපියන්ද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, මව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ මේ ආකාරයෙන් කුල භේදය මතු කරගෙන ගැටුම් ඇති වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, උසස් කුලවන්තයන්, කුලහීනයන් නිරන්තරයෙන් තලාපෙළා දමති.