ඉන්දියාවේ දිල්ල නගරයට ජලය ලැබෙන ප්‍රධාන ජල මාර්ගයක් අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණයක් හේතුවෙන් දිල්ලිය ක්ෂණික ජල හිඟයකට මුහුණපෑමේ අවදානමක් වර්තා වේ.
රැකියා ප්‍රශ්නයක් හේතුවෙන් ජාත් ජනවර්ගයට අයත් පිරිස් විසින් මුන්කා ජල මාර්ගයේ ජල සැපයුම සිදුකෙරෙන උපකරණවලටද හානි පමුණුවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, දිල්ලියේ ජල පරිභෝජනය දැඩිව සීමා කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට කිසිදු ජල සැපයුමක් අද දවසේ නොපැවති බව කියැවෙයි.
එමෙන්ම, සඳුදා දිනයේ පාසල් විවෘත නොකරන ලෙසටද බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.
මෙම ජාත් වැසියන් මේ වනවිට උසස් කුලයේ ජන වර්ගයක් ලෙස පිළිගැනුණත්, පහත් කුලයේ අයට පිරිනැමෙන ඇතැම් රජයේ රැකියාවන් හා අධ්‍යාපන අවස්ථාවන් තමන්ට නොලැබෙන බව පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබීමද සුවිශේෂී කරුණකි.
මෙම උද්ඝෝෂණ සමග හටගත් ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියැවෙයි.