ඉන්දියාවේ වාර්ෂික කුම්භ මේලා උත්සවයේදී ශුද්ධ වූ ජලයේ ස්නානය කිරීම එරට හින්දු ආගමික නායිකාවක හා ඇගේ අනුගාමික ස්ත්රීන්ට තහනම් කිරීමත් සමග ඇය පොළව යට වළක් හරා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
පාරී අඛ්හාරා නමැති හින්දු ආගමික කණ්ඩායමේ ප්‍රධානී ට්රිකාල් භවන්තා කුම්භ මේලා උත්සවයේදී ශුද්ධ වූ ජලයට බැසීමේ අවසරය තමන්ට හා තම අනුගාමිකයන්ටද ලැබිය යුතු බව තරයේ පවසමින් පොළොවෙන් අඩි 10කටත් වඩා ගැඹුරු වළක් තුළ සිය උද්ඝෝෂණය පවත්වා ඇත.
ඉන්දියාව තුළ මෙවැනි අඛ්හාරා හින්දු ආගමික කණ්ඩායම් 13ක් පමණ ඇති අතර, ඒවා සියල්ලම පාහේ පුරුෂයන් විසින් ප්‍රධානත්වය දරනු ලබයි.
ඒ අනුව, ට්රිකාල්ගේ ආගමික කණ්ඩායමේ සුජාතභාවය සම්බන්ධයෙන් එම පුරුෂයන්ගෙන් දැඩි විවේචනයක් එල්ල වන්නේ, හින්දු ආගමික පරිසරය තුළ ස්ත්‍රී පුරුෂ ආධිපත්‍යය සම්බන්ධයෙන් නිරන්තර ප්‍රශ්න පවතින නිසා බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, එම වළ තුළම තමා වළලන ලෙස මෙම ආගමික නායිකාව පැවසූ පසු පොලීසිය පැමිණ ඇය ඉන් ඉවත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කුම්භ මේලා උත්සවයේදී ශුද්ධ වූ ජලයේ ස්නානය කිරීමෙන් ඔවුන්ගේ සියලු පව් සෝදා හැරෙන බව විශ්වාස කෙරෙයි.