කියුබානු පාලනයේ දීර්ඝ කාලීන කැස්ත්‍රෝ යුගය නිමා කරමින් රාවුල් කැස්ත්‍රෝගෙන් පසුව එරට නායකත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් මිගෙල් ඩියෑස් කැනල් තෝරා පත්කර ගෙන තිබේ.
ෆිදෙල් කැස්ත්‍රෝ වර්ෂ 2006 දී බලයෙන් ඉවත් වන විට එරට නායකත්වය සඳහා ඔහුගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ තෝරා පත්කර ගැනුණි.
ඒ අනුව, රාවුල් කැස්ත්‍රෝ සිය ධුරයෙන් සමුදෙන විට ඔහුගේ දකුණත් මිත්‍රයා ලෙස සැලකුණු මිගෙල් ඩියෑස් කියුබාවේ සුක්ඛානම භාරගැනීමට සූදානමින් සිටියි.
ඇමෙරිකාවේ බරැක් ඔබාමා පාලන සමය තුළදී රාහුල් කැස්ත්‍රෝ සමග පැවති සාකච්ඡා පළ දරමින් දෙරට අතර යම් සාම මාවතකට ඉඩකඩ ඇතිවෙමින් පැවතියද, ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග ඒ ඇති වූ සබඳතා අඩකින් පමණ යළි ආපස්සට ගිය බව දේශපාලන විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් කැස්ත්‍රෝ පාලන බලය අත්හැරියද, කියුබානු කොමියුනිස්ට් රාජ්‍යය වෙත වඩාත් ප්‍රබල බලපෑමක් කළ හැකි චරිතයක් ලෙස ඔහු තිරයෙන් පිටුපස චරිතයක් රඟ දක්වනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
කියුබානු පාර්ලිමේන්තුව තුළ මෙම නව පත්වීම සඳහා ඡන්ද විමසීමක් සිදුකළද එහි ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කිරීම අද දිනයේදී සිදුවනු ඇති අතර, ඒ අනුව නිල වශයෙන් කියුබාවේ ජනපති ධුරය රාවුල් කැස්ත්‍රෝගෙන් මිගෙල් ඩියෑස් කැනල් වෙත හිමිවනු ඇත.