උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුව එලැඹෙන ජුනි මාසයේදී කොරියානු දේශසීමාවේ පැන්මුන්ජොම් නගරයේදී පැවැත්වෙනු ඇති බව පැවසෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ දිනයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ඉඟ කළේය.
කෙසේ වෙතත්, මෙම හමුව පැවැත්වෙන දිනය මෙතෙක් නිශ්චිතව සඳහන් කර නොමැති බවද පැවසෙයි.
මේ අතර, ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර සිදුවන ඓතිහාසික හමුව මොන්ගෝලියාවේ හෝ සිංගප්පූරුවේදී පැවැත්වෙනු ඇති බවටද මීට පෙර මත පැවතුණි.
කෙසේ වෙතත්, මෙම හමුව ස්ථිර ලෙසම සිදුවනු ඇති බව මේ වනවිට දෙපාර්ශ්වය විසින්ම තහවුරු කර ඇත.