කිම් ජෝන්ග්-නැම් ගේ මරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු රජය සම්බන්ධයක් දක්වන බව විශ්වාස කරන්නේ යැයි දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) පසුගිය සතියේදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී ජීවිතක්ෂයට පත්විය.
"මේ ඝාතනය පිටුපස උතුරු කොරියානු රජය සිටින බව අප විශ්වාස කරන්නේ මේ වනවිට සැකකරුවන් පස් දෙනෙකුම උතුරු කොරියානුවන් වීම නිසයි." දකුණු කොරියානු ඒකාබද්ධ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ වෙතත්, මැලේසියාව විසින් උතුරු කොරියානුවෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බව කියයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) ඝාතනය විෂ ශරීරගත කරවීමකින් සිදුකර වූ බව විශ්වාස කෙරුණි.