උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) වන කිම් ජොන්ග්-නැම් ඝාතනයට ලක්වූ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේ ඔහු ඝාතනයට යොදාගත් විෂ රසායනිකය තවදුරටත් නොමැති බව තහවුරු කර තිබේ.
මැලේසියානු පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ෂණයකට අනුව මෙම ඝාතනය සිදුවූ ස්ථානයේ විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබුණේ VX නමැති විෂ රසායනිකය ක්ෂණික මරණයක් පවා අත්කර දීමට හේතුවන්නක් බැවිනි.
මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයද පවසා සිටියේ මෙය අතිශය දරුණු ගණයේ විෂ රසායනිකයක් බවයි.
එමෙන්ම, මෙම ඝාතනය සිදුකළ ඉන්දුනීසියානු කාන්තාවට මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බව හඟවා ඇති අතර, එය රියැලිටි විහිලුයක් බව පවසමින් ඇ.ඩො.90ක මුදලකට ඇය ලවා මෙම මරණය සිදුකර ගැනීමට කටයුතු කර තිබුණි.