උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) වන කිම් ජෝන්ග්-නැම් පසුගියදා මැලේසියාවේ, ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී ඝාතනය කිරීම සඳහා අතිශය දරුණු විෂ රසායනයක් භාවිත කර ඇති බව පවසයි.
ජනසංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් තහනම් කර ඇති වී එක්ස් නම් න එම විෂ රසායනිකය ග්රෑමයකින් සියයෙන් එකක් භාවිත කිරීමෙන් පුද්ගලයෙකු ක්ෂණිකව ඝාතනය කළ හැකි බව මැලේසියානු පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම ඝාතනයෙන් දින 11කට පසුව ගුවන් තොටුපොළේ තවත් එම විෂ රසායනිකය පවතින්නේදැයි සොයා විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවද එරට පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම ඝාතනය සිදුවන ආකාරය ගුවන් තොටුපොළේ සී.සී.ටී.වී. දසුන්වල පැහැදිලිව දැකිය හැකි අතර, එම ප්රහාරය සිදුකරන කාන්තාවන් දෙදෙනාගෙන් අයෙකු පසුව වමනය කරන ආකාරය දැකිය හැකි වූ බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, කිම් ජෝන්ග්-නැම් මළ සිරුර සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, මෙම මරණය උතුරු කොරියානු මෙහෙයවීමක් බවට මැලේසියාව මෙන්ම දකුණු කොරියාවද පවසයි.
කෙසේ වෙතත්, උතුරු කොරියාව මෙම මරණය සම්බන්ධයෙන් මැලේසියාවට චෝදනා එල්ල කරයි.