උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරයා වන නැසීගිය කිම් ජොන්ග්-නැම්ගේ මරණය සම්බන්ධයෙන් මැලේසියාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුද සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
කිම් ජොන්ග්-නැම් පසුගිය සතියේදී මැලේසියාවේ, ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී ඝාතනයට ලක්වූ අතර, එය විෂ ශරීරගත කිරීමකින් සිදුකළ ඝාතනයක් බව පසුව හෙළි කෙරිණි.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවම කියැවෙන අතර, ඒ අතර, උතුරු කොරියානුවන් වැඩි පිරිසක් සිටියි.
මේ සමගම මැලේසියාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලයේ සේවය කරන රාජතාන්ත්රකියෙකු වන හයෝන් ක්වාන් සොංග් හමුවීම සඳහා ඉඩ සලසන ලෙස මැලේසියානු පොලිස් ප්රධානියා එම තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලය සහාය නොදක්වන්නේ නම් ඔහු පොලීසියට කැඳවීමට ක්රියා කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු සොයමින් සිටින බවද පොලීසිය පවන අතර, ඉන් අයෙකු උතුරු කොරියානු රාජ්ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවද සඳහන් වේ.