උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) ඝාතනය සම්බන්ධයෙන් උතුරු කොරියානුවෙන් අත්අඩංගුවට ගත් බවත්, ඔහු මේ දක්වා අත්අඩංගුවට පත් සිව්වැනි පුද්ගලයා බවත් මැලේසියාව කියයි.
කිම් ජෝන්ග්-නැම් මරණය සම්බන්ධයෙන් මීට පෙර ඉන්දුනීසියානු කාන්තාවක්, මැලේසියානු පුරුෂයෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට පත්වූහ.
කෙසේ වෙතත්, මෙවර අත්අඩංගුවට පත් පුද්ගලයා 46 හැවිරිදි රී ජෝන්ග චෝල් ලෙස හඳුනාගෙන තිබේ.
මැකාවු වෙත ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේ රැඳි සිටි අවස්ථාවේදී ජෝන්ග්-නැම් ගේ මුහුණට විෂක් විදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය විශ්වාස කරයි.
මේ අතර, කිම් චෝල් යන නමින් සංචාරය කළ ඝාතනයට ලක්වූ පුද්ගලයා උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා වන කිම් ජොන්ග්-නැම් බව මැලේසියානු උප අග්‍රාමාත්‍ය අහ්මඩ් සහීඩ් තහවුරු කළේය.
මෙම විෂ විදීම සිදුකළේ යැයි පැවසෙන ඉන්දුනීසියානු තරුණිය මෙය මනුෂ්‍ය ඝාතනයක් බව නොදැන මෙය සිදුකර ඇති බවත්, එය රූපවාහිනී රියැලිටි විහිළුක් බව ඇය සිතා ඇති බවත් ඇගේ පාපොච්චාරණයෙන් පැහැදිලි වී තිබේ.
මේ අතර, මැලේසියාවේ සිටින උතුරු කොරියානු තානාපතිවරයා මෙම මළ සිරුරු වහාම උතුරු කොරියාවට භාරදෙන ලෙස ප්‍රථම වරට ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් උතුරු කොරියානු ජාතිකයා පිළිබඳ වැඩිදුර තොරතුරු මැලේසියාව මෙතෙක් අනාවරණය කර නොමැත.