මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාව, වියට්නාම ගමන් බලපත්‍රයක් සහිතව සිටියදී, ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී අතුඅඩංගුවට පත්ව තිබේ.
කිම් ජෝන්ග් නැම් ලෙස සැලකෙන උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා විෂ ශරීරගත කිරීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලින්ම අනාවරණය කර තිබුණේ දකුණු කොරියානු මාධ්‍ය විසිනි. එහිදී, ආසියානු සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවද ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, කිම් ජොන්ග් නැම්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම මරණයට හේතුව ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.
එහිදී, මොහු විෂ ශරීරගත කරවීමක් හේතුවෙන් මරා දමා ඇති බව දකණු කොරියාව පවසා සිටියද, එය කවර ආකාරයකින් සිදුකළේද යන්න පැහැදිලි අනාවරණයක් සිදුකර නොතිබුණි.
මැකාව් හි සිය නිවස වෙත පිටත්ව යෑමට සූදානම් සිටියදී කිම් ජෝන්ග්-නැම් ඝාතනයට ලක්ව තිබූ අතර, පසුව රෝහලට රැගෙන යන අවස්ථාවේදී ඔහු ජීවිතක්ෂයට පත් තිබේ.
උතුරු කොරියානු නායකයාගේ පියා වූ කිම් ජෝන්ග්-ඉල්ගේ පළමු විවාහයේ දරුවා වන කිම් ජෝන්ග්-නැම් සිය පියාගේ අභාවයෙන් පසුව මැකාවු හි දිවි ගෙවීය. ඔහුගේ මරණය උතුරු කොරියානු නායකයාගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බව පැවසීමට දකුණු කොරියාව උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.