ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික විජෙයි මාල්යාට අයත් වත්කමක් පසුගියදා වෙන්දේසියට තැබූවද, ඒ වෙනුවෙන් කිසිදු ලංසුවක් ඉදිරිපත් නොවූ පුවතක් වාර්තා වෙයි.
කිංග්ෆිෂර් ගුවන් සේවයේ මූලස්ථානය වන කිංග්ෆිෂර් හවුස් මෙසේ වෙන්දේසියට දමා තිබූ අතර, එය මුම්බායි හි අභ්‍යන්තර ගුවන්තොටු පොළ ආසන්නයේ පැවති ගොඩනැගිල්ලකි.
මේ සඳහා ඉන්දියානු රු.බිලියන 1.5ක මුදලක් බලාපොරොත්තු වුවත් ඒ සඳහා කිසිදු ලංසුවක් ඉදිරිපත් නොවීම සුවිශේෂී තත්ත්වයක් බව කියැවෙයි.
2013 වසරේදී බිඳ වැටුණු කිංග්ෆිෂර් ගුවන් සේවය හේතුවෙන් විජෙයි මාල්යා නොගෙවූ ඇ.ඩො.බිලියන 1.4ක පමණ ණය මුදලක් පවතින බවද කියැවෙයි.