කැසිනි වසර 13ක සේවය නිමා කරමින් අද සමුගනී
සෙනසුරු ග්‍රහයා සමීපයේ වසර 13ක කාලයක් සේවය කළ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය ඉදිරි පැය කිහිපයේදී සිය මෙහෙවර අවසන් කරමින් විනාශය කරා ගමන් කරන බව නාසා විද්‍යාඥයෝ පවසති.
සෙනසුරුගේ විශාල චන්ද්‍රයකු වන ටයිටන් හරහා කිලෝමීටර 120,000ක් පියාසර කළ කැසිනි යානය විසින් සෙනසුරු ග්‍රහයා මත ගැටීමට ප්‍රමාණවත් ගමන් මග මේ වනවිට අවසන් කරමින් තිබේ.
මේ අනුව අද (15දා) සෙනසුරු සමග ගැටී විනාශ වීමට යන කැසිනි යානය පසුගිය සඳුදා දිනයේ අවසන් වරට ටයිටන් වටා ගමන් කිරීම සමුගැනීමේ හාද්ද ලෙස විද්‍යාඥයෝ හැඳින්වූහ.
මීට වසර 13 ට පෙර සෙනසුරු කරා පැමිණි අවස්ථාවේ සිට එම ග්‍රහයා මෙන්ම එහි සිත්ගන්නාසුලු වළලු අධ්‍යයනය කරමින් කැසිනි යානය විවිධ පිහිටීම් සකසා ගත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයා වන ටයිටන් ගේ ගුරුත්වය උපයෝගී කරගනිමිනි.
මේ සඳහා අවශ්‍ය වූ ඉන්ධන බොහෝදුරට අවසන් වීම හේතුවෙන් පාලනයකින් තොරව සෙනසුරු වටා සැරිසැරීමට යානයට ඉඩ නොදීමට තීරණය කළ නාසා ආයතනය, මෙම යානය සුදුසු මෙන්ම පූර්ණ ලෙස අත්හැරීමට පියවර ගනු ලැබීය.
අද සෙනසුරු සමග ගැටීමට පෙර අවසන් පැය තුන ඇතුළතදී අභ්‍යවකාශ යානයෙන් ලබාගත් සියලු දත්ත, එහි අන්තර්ගතව ඇති දෘඩ ස්මරණය මගහැර කෙළින්ම පෘථිවියට සම්ප්‍රේෂණය කරනු ඇති අතර, සෙනසුරුගේ අන්තරීක්ෂයට කැසිනි ඇතුළුවීමෙන් අනතුරුව ඒ සමග තත්ත්පර කිහිපයක් පමණක් සබඳතාව පවතිනු ඇත.
ග්‍රිනිච් වේලාවෙන් 11:55ට පමණ සංඥා අත්හැරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

