මස හයකට පමණ පසුව කියුබානු රජයේ මාධ්‍ය විසින් එරට හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
මෙම ඡායාරූප පසුගිය ජනවාරි මාසයේදී ලබාගෙන ඇති බව පැවසෙයි. 88 හැවිරිදි වියෙහි පසුවන හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ කටකතා රට තුර පැතිර යන අවස්ථාවක මෙසේ ඡායාරූප ප්‍රකාශයට පත්කොට තිබේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා දැනට වසරකට පමණ පෙර සිට කිසිදු අයුරකින් මහජනයා ඉදිරියට පැමිණි අවස්ථාවක් වාර්තා නොවෙයි.
එළිදක්වා තිබූ ඡායාරූපවලින් දක්වා තිබුණේ හවානා හි කැස්ත්‍රෝ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී එරට ශිෂ්‍ය කණ්ඩායම් නායක රැන්ඩි පෙර්ඩෝමෝ සමග සාකච්ඡාවක කරන ආකාරයයි.