බියොන්සේ සමග ආදර පලහිලව්වක් සම්බන්ධ කටකතාවකට ඈඳී සිටින ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ගැන තවත් අලුත් ආරංචියක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.
මේ ආරංචියෙන් කියවුනේ ඔබාමා ජනාධිපතිවරයා HBO නාලිකාවේ ප්‍රචාරය වූ Games Of Thrones සහ True Detective රූපවාහිනී නාට්‍යවල පසුපිටපත් කිහිපයක් HBO ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ප්ලෙප්ලර්ගෙන් ඉල්ලමින්, ඔහුට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ලබාදී ඇති බවයි.
ඔබාමා ජනාධිපතිවරයා HBO නාලිකාවේ Games Of Thrones සහ True Detective නාට්‍ය පිස්සුවෙන් මෙන් නරඹන ප්‍රේක්ෂකයෙකු බවද මේ සමගම හෙළිවුණා.
මීට අමතරව, දේශපාලන තේමාවක් ගත් House Of Cards නාට්‍ය මෙන්ම, Breaking Bad හා Boardwalk Empire නාට්‍යයන්ද ඔබාමගේ සිත්ගත් රූපවාහිනී ටෙලි කතා ගොන්නේ පවතිනවා.
ඒ අනුව, HBO ප්‍රධානියාගෙන් Games Of Thrones සහ True Detective රූපවාහිනී නාට්‍යවල පිටපත් ඔබාමා වෙත ලැබී ඇති බවද කියවුණා.
HBO ප්‍රධානී ප්ලෙප්ලර් සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඔබාමා ඔහුගෙන් විමසා ඇත්තේ, 'කෝ මගෙ Games Of Thrones සහ True Detective' යනුවෙන් බවද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසා තිබුණා.