කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර මහමග ගමන්ගත් මගීන් පිරිසක් වෙත වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවූ ප්රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය පිළිබඳව 25 හැවිරිදි ඇලෙක් මිනාසියාන් නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථය කඩා වැදුණු ස්ථානයට තරමක් නුදුරින් වූ මාර්ගයකදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර, මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් ඔහු වටලා ඇති බව කියැවෙයි.
එම අවස්ථාවේදී ඔහු පොලීසිය වෙත ගිනි අවියක් වැනි යමක් දික් කරමින් සිටියද, පසුව පොලීසිය ඔහුට යටත් වන ලෙස කෑ මොරදෙන විට ඔහු කිසිදු වෙඩි තැබීමකින් තොරව පොලීසියට යටත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ත්රස්ත සංවිධානයක් වගකීම භාරගෙන නොමැති අතර, මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන්ද පෙර වැරදි නොවන බව පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මෙය අතිශය ම්ලේච්ඡ ප්රහාරයක් බව කැනඩා රජය පවසන අතර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසද පවසා තිබේ.
මෙවැනි ආකාරයේ මෝටර් රථ, වෑන් රථ හා ලොරි ප්රහාර පසුගිය කාලය පුරාවට යුරෝපා රටවල් ආශ්රිතව සිදුවූ අතර, මෙවැනි ප්රහාරවල සෘජු වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය හෝ ඔවුන්ගේ ආභාසය ලැබූ හුදෙකලා වෘක්කයන් මත පැවරිණි.