කැනඩාවේ ෆෝට් මැක්මරේ ලැව්ගිනි තත්ත්වය තෙල් නිධි ආශ්රිත ප්රදේශ වෙත පැතිරෙමින් තිබෙන නිසා පුද්ගලයන් 12,000කට පමණ ඉවත්වන ලෙස අනතුරු අඟවා තිබේ.
මීට සති දෙකකට පමණ පෙර ආරම්භ වූ මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ෆෝට් මැක්මරේ ආශ්රිත ජීවත් වූ පුද්ගලයන් 80,000ක් මීට පෙර ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
එහිදී, මෙම අලුත්ම තත්ත්වයත් සමග පුද්ගලයන් 8,000කට දැඩි අනතුරු ඇඟවීම් සිදුකරමින්, තවත් 4,000කටද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දන්වා තිබේ.
මේ අතර, ලැව්ගිනි තත්ත්වයත් සමග ඇති වූ දුම්වළාවන් හේතුවෙන් වායු දූෂණයද දැඩිව පවතින බව කියැවෙයි.
සුළු වශයෙන් ඇද හැලුණු වර්ෂාවක් නිසා ලැව්ගිනි තත්ත්වය පහව යනු ඇති බමට මුලින් විශ්වාස කළද, එය සම්පූර්ණයෙන් පාලනය වී නොතිබුණි.