කැනඩාවේ අල්බෙර්ටා ප්‍රාන්තයට බලපා ඇති මහා ලැව්ගිනි තත්ත්වය බ්‍රහස්පතින්දා (05දා) වනවිට දකුණු දෙසට පැතිරෙමින් තිබූ බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ෆෝට් මැක්මරේ නගරය ආශ්‍රිතව ජීවත් වන 88,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
එමෙන්ම, මේ හේතුවෙන් දැනටමත් ගොඩනැගිලි 1,600 කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුව විනාශ වී තිබේ.
මේ අතර, නගරයේ දකුණුදිග පිහිටි ගුවන් තොටුපොළ වෙතද ගින්න ව්‍යාප්ත වෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.