ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාත තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය යළි ඔඩුදිවීමට යන්නේ නම් එහි පාලනය තමන් භාරගන්නා බව අගමැති මරිආනා රජෝයි අවධාරණය කරයි.
ඒ අනුව, කැලෝනියා පළාතේ හිටපු නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් යළිත් වරක් එහි පාලනය නතුකර ගැනීමට උත්සාහ කළහොත් තමන් එහි පාලනය භාරගන්නා බව ඔහු අවධාරණය කර තිබේ.
ජනමත විචාරණයක් පවත්වමින් කැටලෝනියා පළාත වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමට ගත් උත්සාහය අසාර්ථකවීමෙන් අනතුරුව පුයිග්ඩෙමොන්ට් බෙල්ජියම වෙත පළාගොස් එහි දේශපාලන රැකවරණ මත රැඳී සිටියි.
නමුත්, ජනමතවිචාරණය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ස්පාඤ්ඤ රජය යළිත් මහ මැතිවරණයක් කැඳවූ අතර, එවරද කැටලෝනියා නායක පුයිග්ඩෙමොන්ගේ පක්ෂයට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය.