කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වූ නිදහස් රාජ්‍යයක් බව ප්‍රකාශ කිරීමත් සමග ස්පාඤ්ඤ අගමැතිවරයා විසින් කැටලෝනියානු පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, හදිසි මැතිවරණයක් කැඳවා තිබේ.
ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි පවසා සිටියේ කැටලෝනියාවට නීතිය, ප්රජාතන්ත්රවාදය මෙන්ම ස්ථාවරත්වය රැගෙන ඒම සඳහා එය මධ්‍යම රජයේ සෘජු පාලනය යටතට ගත යුතු බවයි.
එමෙන්ම, අගමැතිවරයා විසින් කැටලෝනියානු ප්‍රධානී කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයද දැඩි දෝෂාරෝපණයට ලක් කළේය.
ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සඳහා කැටලෝනියානු ප්‍රාන්ත රජය විසින් ජනමත විචාරණයක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
එම ජනමත විචාරණයෙදී ඡන්දය දුන් 43% න් 90% ක්ම නිදහස වෙනුවෙන් සිය කැමැත්ත දී ඇති බව කැටලෝනියානු ආණ්ඩුව පවසා සිටියත්, ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායක අධිකරණයේ තීන්දුව වූයේ එම ඡන්දය නීති විරෝධී බවය.
ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් තීරණය කිරීම ඊයේ දිනයේ සිදුවිය.
එහිදී, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී 70 - 10 ක් ලෙසින් ප්‍රතිඵල නිකුත්වී තිබුණි.
ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ 155 වැනි වගන්තිය අනුව කැටලෝනියාව ස්පාඤ්ඤ පාලනය යටතට පවරා ගැනීමේ තීන්දුවට ස්පාඤ්ඤ සෙනේට් සභාවේ අනුමැතිය ලැබී තිබුණි.
ඒ අනුව කැටලෝනියාවේ නායකයින් ප්‍රාදේශීය පාලන බලයෙන් ඉවත් කොට එම කලාපයේ මුල්‍ය, පොලිස් හා පොදු මාධ්‍ය බලය සියතට ගැනීමට ස්පාඤ්ඤ පාලනයට හැකියාව ලැබී තිබේ.
අර්බුදකාරී තත්ත්වයක් හමුවේ කිසියම් කලාපයක් සම්බන්ධයෙන් 'අවශ්‍ය සියලු පියවර' ගැනීම සඳහා එම වගන්තිය මගින් ස්පාඤ්ඤ රජයට බලය පැවරී තිබීම ඊට හේතුවයි.