ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ ප්‍රථම කාන්තා මහ ඇමතිනිය ලෙස තේරීපත් වූ මෙහෙබූබා මුෆිට් විසින් කාන්තාවන්ටම පමණක් වෙන්වූ බස් රථ සේවයක් හඳුන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම බස් රථ සේවය මේ වනවිට කාශ්මීර් කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය බවත්, ඔවුන් මෙහි ගමන් කිරීමට දක්වන කැමැත්ත නිසාම නිරන්තරයෙන්ම එම බස්රථ මගීන්ගෙන් පිරී යන බවත් කියැවෙයි.
දැනට බස් රථ 5ක් ලෙස හඳුන්වාදී ඇති මෙම නවතම සේවාව දිනකට ගමන් වාර දෙක බැගින් ගමන් කරන බවත්, ඉදිරියේදී මෙය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් මහ ඇමතිනිය පවසා තිබේ.
විශේෂයෙන්ම පාසල්, විශ්වවිද්‍යාල හා කාර්යාල වෙත යන කාන්තා පාර්ශ්වය සඳහාම කාර්ය බහුල වේලාවන් හි ගමන් වාර සිදුකරන බව කියයි.
එහිදී, මෙම බස් රථවල ගමන් කරන තරුණ කාන්තාවන් වැඩි දෙනෙකු කියා සිටියේ සාමාන්‍ය බස් රථවලදී සිදුවන පිරිමින්ගේ හිරිහැරවලින් තොරව නිදහසේ ගමන් කිරීමේ වරම මෙම බස් රථ සේවයත් සමග තමන්ට උදාවී ඇති බවයි.
විශේෂයෙන්ම පුරුෂ මූලික සමාජයක ඔවුන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන පීඩාවන් බස් රථවලදීද විඳීමට සිදුවන බව තවත් මගී කාන්තාවක පවසා තිබේ.
එරට තුළ බස් රථයකට ගොඩවන කාන්තාවන් දස දෙනෙකුගෙන් නවදෙනෙකුම පාහේ විවිධ හිරිහැරයන්ට ඒ තුළදී ගොදුරුවන බවද මේ සමගම අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, ඇතැම් දේශපාලඥයන් කාන්තාවන්ට පමණක් වෙන්වූ මෙම බස් රථ කෙරෙහි විරෝධයක් දක්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.