ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පැවැත්වෙන මැතිවරණය අතරතුර පොලීසිය හා විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රීනගර් ආසන්න ඡන්ද මධ්‍යස්ථානයක් වෙත කඩාකප්පල්කාරී ලෙස ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලීසිය රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉන්දීය පාලනයට එරෙහිව එරට බෙදුම්වාදී නායකයා විසින් මෙම ඡන්දය වර්ජනය කරන ලෙස මීට පෙර ඉල්ලා තිබුණි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරය දශක කිහිපයක් පුරා ඉන්දීය හා පාකිස්ථාන දේශසීමා මධ්‍යයේ පවතී.