ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ හමුකා කඳවුරක් වෙත පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.
එහිදී, තවත් හමුදා සාමාජිකයන් 16 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණද, ප්‍රබල ප්රතිප්රහාරයකින් පසුව ඔවුන් බේරාගැනීමට හමුදාව සමත් වී තිබේ.
ජම්මු හි නග්රෝටා ප්‍රදේශයේ වූ කඳවුරක් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙහිදී පාකිස්තාන ඉස්ලාමී සටන්කාමීන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් පොලිස් ඇඳුමින් සැරසී සිටි බවද විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉන්දීය හමුදා සාමාජිකයන් 19 දෙනෙකු ඌරි ප්‍රදේශයේදී ඝාතනය වීමත් සමග දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ඉන්දියාව මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තානයට චෝදනා කරයි.