පාකිස්තානයේ නව හමුදා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරල් ජවාඩ් බජ්වා පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැනඩාවේදී පුහුණුව ලබා ඇති ඔහු වසර 35ක කාලයක් හමුදාවේ ප්‍රධාන තනතුරු දරා ඇති අතර, ඔහු වෙත පාකිස්තානයේ වඩාත් බලවත් කර්තව්‍යයක් මෙම පත්වීමත් සමග පිරිනැමී තිබේ.
පාකිස්තානයේ හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් වෙනුවට ඔහු පත්වීම් තිබේ. කෙසේ වෙතත්, පසුගිය වසර තුනක කාලය තුළ රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ෂරීෆ් ප්‍රබල වැඩපිළිවෙළක් දියත් කළ බවටද පැසසුම් පවතී.
එනමුදු, පසුගිය කාල සීමාවේදී ඉන්දු-පාකිස්තාන දේශසීමාවේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය අනුව, එම ප්‍රදේශයේ වැඩි වශයෙන් සේවයේ යොදවා ඇති විශේෂ බලකා සෙබලු ලුතිනන් ජෙනරාල් බජ්වා යටතේ ක්‍රියාත්මක වනු ඇති බව පැවසෙයි.
ඒ අනුව, මෙම නව හමුදා ප්‍රධානී තනතුර පිරිනැමීම කාශ්මීර අර්බුදය මූලික කරගනිමින් කළ පත්වීමක් බවද විදෙස් වාර්තා පවසයි.