ගෝලීය කාලගුණික වෙනස්වීම්වලට එරෙහිව ක්රියාකිරීමට ලෝකයේ ජීවත් වන බිලියන 1.6ක් වන මුස්ලිම් ජනතාවට ආගමික වගකීමක් පැවරී ඇති බව ඉස්ලාමීය කාලගුණික ප්රකාශනය පවසයි.
ඒ අනුව, ඉස්ලාමීය පාරිසරික හා ආගමික නායකයන් ලෝකයේ දියුණු රටවලින් හා ඛනිජ තෙල් නිෂ්පාදනයේ යෙදෙන රටවලින් ඉල්ලා සිටින්නේ වර්ෂ 2050 දී පොසිල ඉන්ධන භාවිතය නවතා දමන ලෙසයි.
එමෙන්ම, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් හෝ 1.5කින් අවම කිරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් එකඟතාවකට පැමිණෙන ලෙස ඔවුන් දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටියි.