ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හමුදා ඇකඩමිය ආසන්න හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා ත්රස්තයන් 5 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත්, ප්‍රහාරය අවස්ථාවේදී ත්රස්තයන් හතර දෙනෙකු මරා දමා එක් අයෙකු අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බව ඔවුන්ගේ පුවත් අඩවි හරහා වාර්තා කර තිබේ.
තලේබාන් ත්රස්තයන් විසින් අගනගරය වෙත ගිලන්රථ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්කළ දිනට පසුව එල්ල කළ මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඊට පෙර අගනගරයේ හෝටලයක් වෙත එල්ල වූ තවත් තලේබාන් ප්‍රහාරයකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මේ අනුව, පසුගිය කාලය පුරා තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙන්ම, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සිදුකරන ඔවුන්ගේ ප්‍රහාරක ඉලක්ක වැඩි කරමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.