ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වෙත එකවර එල්ල වූ තලේබාන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, බදාදා දහවල් පොලිස් ස්ථානයක් හා බුද්ධි අංශ කාර්යාලයක් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර ද්විත්වයක් එල්ල වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන සබිහුල්ලාහ් මුජහිද් මෙම ප්රහාරයන්ගේ වගකීම තලේබාන් සංවිධානය භාරගන්නා බව කියයි.
තලේබාන් සංවිධානය පරාජයට පත්කිරීම සඳහා එරට රජයේ හමුදා සිදුකළ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ත්‍රස්ත සංවිධානය විසින් සිදුකරන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි විසින් හෙළා දැක ඇති අතර, ඔහු පවසන්නේ ඇෆ්ගන් නායකයා ඇතුළු ඔවුන්ගේ ප්‍රධානීන් රැසක් ඝාතනය කිරීමෙන් අනතුරුව සිය බලය පෙන්වීම සඳහා ඔවුන් මෙවැනි ප්‍රහාර එල්ල කරන බව පවසා තිබේ.