කාබුල් නගරයේ අවමංගල්‍ය උත්සවයක් අතරතුර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ඇෆ්ගිනිස්තානයේ ආරක්ෂාව දියාරුවීමට එරෙහිව කාබුල් නුවර පැවති උද්ඝෝෂණයකට සහභාගී වීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් පස් දෙනාගෙන් අයෙකුගේ අවමංගල්‍ය උත්සවයේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාබුල් නගරයේ බොහෝ ප්‍රදේශ ජනතාවට වසා දමා තිබීම තුළ ජනතාව රජයට එරෙහිව නැගී සිටින අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් රජයට චෝදනා කරන වටපිටාවක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත්, මෙම නවතම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අෆ්ගනිස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්ලා අබ්දුල්ලා ජීවිතය බේරාගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.