ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අමාත්‍යාංශයක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරයට ගොදුරු වූවන් අතර කුඩා දරුවන් මෙන්ම කාන්තාවන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.
ග්‍රාමීය පුනරුත්ථාපන හා සංවර්ධන අමාත්‍යාංශයේ සේවකයන් රාමදාන් සමයේ ආගමික වතාවත් සඳහා කලින් පිටව යන අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති අතර, මෙය තලේබාන් සංවිධානය එරට රජයේ හමුදා සමග සටන් විරාමයකට මුල පිරීමත් සමග සිදුවූ ප්‍රහාරයක් වීමද විශේෂත්වයකි.
මුස්ලිම්වරුන්ගේ ඊද් අල්-ෆිතර් උත්සවයට සමගාමීව ඒකපාර්ශ්වික සටන් විරාමයකට ඇෆ්ගන් රජය මුලින් එළඹුණු අතර, පසුව දින තුනක සටන් විරාමයක් සඳහා තලේබාන් සංවිධානය ප්‍රථම වරට එකඟත්වය පළ කළේය.