නිවසේ එදිනෙදා කටයුතුවලින් කාන්තාවන් මිදෙන කාලය වැඩි වන තරමට, ඔවුන් තරබාරු වීමේ සම්භාවිතාවද වැඩි වන බව බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
මෙම සමීක්ෂණයට අනුව මීට වසර 30කට පෙර බ්‍රිතාන්‍ය කාන්තාවන් වැඩි කාලයක් නිවසේ කටයුතුවලට යෙද වූවත්, අද එම කාන්තාවන් තම රාජකාරී කටයුතුවලට යොදන කාලය වැඩිකර නිවසේ කටයුතුවලට යොදන කාලය අඩුවීමෙන් ඔවුන් තරබාරු වන බව පැවසෙයි.
එමෙන්ම, වොෂින් මැෂින්, මයික්‍රෝවේව් අවන්, ග්‍රයින්ඩර්, බ්ලෙන්ඩර්, ඩිෂ්වොෂර් ආදී මෙකී නොකී සියලු මුළුතැන්ගෙයි උපකරණවලින් සිදුව ඇත්තේද කාන්තාවන්ගේ ශරීරයට අමතර රාත්තල් කිහිපයක් එකතු කිරීම පමණක් බව එම සමීක්ෂණය තහවුරු කරයි.